ඔවුන් අප දෙස
බලා සිටී
හොදින් හිරු පායා ඇති දිනෙක රාත්‍රී අහසේ
ඇති සුන්දරත්වය ඔබට මා අමුතුවෙන් කියාදිය යුතු නැත.එලෙස එදින වලාකුලුවලින් තොර වී
පුර සද හොදින් පායා ඇත්නම් එහි චමත්කාරය දෙගුන තෙගුන වෙයි.fමවැනි
දසුන් නැරබීමට අප කුඩා කල සිට බොහෝ සේ ප්‍රිය කලහ.දැනුදු කුඩා දරුවන් රාත්‍රියේ
අහස දෙස බලා අපමන ප්‍රීතියට පත් වෙති.
මම කුඩා කල සිටම පැතුවේ රාත්‍රී අහසේ පායා ඇති තරු කැට අතර ගමන් කිරීමට
ඇත්නම් කියාය.ඇත්තෙන්ම මා එම අදහස ඉටු කර ගත්තේ තරුනයකු වූ පසුවය. මේ මොහොතේ පවා
මා තරු අතර සිට නරබමින් සිටිනුයේ විශ්වයේ පවතින සුන්දරම ග්‍රහලොව වන අපගේ පෘථවිය
දෙසයි. එහි පවතින පැහැදිලි නීල වර්ණය හා ඒ අතරින් ගමන් කරනා සුදු පැහැති
වලාකුලු කැටි මගින් ඇති කරන දර්ශනය මා හට කිසිද අමතක නොවනු ඇත.එලෙසම එහි විවිධ
හැඩයෙන් විසීරී පවතින හරිත පහැය නිසා එහි සුන්දරත්වය තවත් වැඩි වෙයි. පෘථවියේ මේ
සුන්දරත්වය දැකිය හැක්කේ පෘථවි වාසීන්ගෙන්
කීපදෙනෙකුට පමණි.ඔවුන් මා වැනිම වූ
අභයවකාශගාමීන්ය.මා අභයවකාශගාමියකු
ලෙස ඔබහට පවසනුයේ ඉමහත් ප්‍රීතියෙනි.
මා සේවය කලේ රොජර් නම් අපගේ ප්‍රධාන අභයවකාශ මධයස්ථානයේය.එහි ආධුනික
ගගනගාමියකු ලෙසය.අපගේ කන්ඩායමේ සාමාජිකයන් 10 දෙනෙකි. ඒ සමග ප්‍රධාන තාරකා
විදයාඥයා වූයේ රොබර්ට් බේකර් මහතාය.ඔහුගේ පාලනය යටතේ අප වැඩ කටයුතු කලෙමු.
අද දින පෘථවි වේලාවෙන් උදෑසන 7.00 පමණ මම අපගේ මධයස්ථානයේ කෙලවර
පිහිටි සරඹ කරන කුටිය වෙත ගියෙමි.
අභයවකාශගාමීන් සියලු දෙනාගේම සිරුරේ මස් දිය වෙයි.එසේ වන්නේ ගුරුත්වය රහිත
නිසාය.එය සිදු නොවීමට අප අනිවාරෙන්ම දිනකට පැයක් පමන සරඹ කල යුතුය.අප මෙලෙස සරඹ
කරන අතරතුර ඒ තුලට ප්‍රධාන තාරකා විදයාඥයා
වූ රොබර්ට් ද පැමිනියේය.සරඹ කුටියේ දී කවුරුත් ස්තුටින් කාලය ගත කරති.මන්ද අප මුලු
දිනයේම අධිකව වැඩ කල යුතුය.එලෙසම අභයවකාශ
නඩත්තු කටයුතු වලදී විනෝද් වීමට අපට කාලයක් නැත.එහෙයින් කවුරුත් මෙහි සතුටින් කාලය
ගත කරති.ප්‍රධාන විදයාඥයා වූ රොබර්ට්
විහිලු කිරීමට මෙන්ම විවිධ අයට උපහාසාත්මක කතා කීමටද දක්ෂයෙකි.
''කොල්ලනේ,දන්නවද අපේ මේ
ජෝජ්..,! නියම වැඩක් කලානේ විශ්වවිද්‍යාලයේ දි ඉස්සර."මේ වදන
සමග මා රොබර්ට් දෙස ක්ෂනයෙන් බැලුවෙමි.ඔහු කුමක් පැවසීමට යන්නේ දැයි මා කිසිවක්
නොදැන සිටියෙමි. "මොකද්ද
රොබර්ට් ඒ සිද්ධිය.කියන්න අපටත් ඩැනගන්න එක්ක."මාගේ මිතුරන්ගේ පිලිතුර එයෙ
විය.
"අපේ මේ ජොජ් කියනවා මේ
විශ්වයේ ඉන්නේ අපි විතරක් නෙමේලු.අපට දකින්න බැරි උනාට ත්වත් ජීවීන් මේ අවට හෝ
වෙනත් කොහේ හරි තැනක ඉන්නවලු.එයා මේ ගැන විශ්වවිද්‍යාලයේ අවසන් නිබන්ධනයටත් ලියලා
තිබුනා.මන් නම් ඔය බොරු කතා විශ්වාස කරන්නේ නෑ." රොබර්ට් මා ඉලක්ක කර
පැවසූ වදන් මාගේ පපුවට එල්ල වූ කඩු පහරක් වැනිය.මා මේ සියල්ල අසමින් පොලව දෙසට
නෙත් යොමා ගෙන සිටියෙමි.නමුත් මොහුගේ වදන් නිස මාගේ ඉවසීමේ සීමාව ඉක්මවා
ගියෙමි.නමුත් මා මේ සියල්ල ඉවසාගෙන සිටියේ ඉහල නිලදාරීන් හට කුමක් හෝ අනතුරක් කල
විට මා වනි පහල නිලධාරීන් හට කිසිදු යහපතක් සිදු නොවන නිසාය.
"අපේ පෘථවි ප්‍රධාන
පාලක මදිරියේ ඔයාලා බදව ගත් දවසේ.,මම දැක්කා එතන
ජෝජුත් ඉන්නවා.මන් පොඩ්ඩකටවත් කැමති වුනේ නෑ ජෝජ් වගේ කෙනෙක්ට.මොකද මේ විශ්වයේ ඉන්නේ අපි විතරයි.මන් එහෙම කියන්නෙ
මොකද මට අපේ මේ උපකරණ විශ්වාසයි.මම වගේම අනිත්
විදයාඥයොත් තවමත් පිලිගන්නෙ නෑ,අපි හැර තවත් ජීවීන්
මේ විශ්වයේ ඉන්නවා කියලා.අනික ඒ බවට කිසිම තොරතුරක්වත් අපට හමුවෙලත් නැහැ නේ.ඒත්
ජෝජ් කියනවා එහෙම ඉන්නවලු.එයාට වඩා උගත්
විදයාඥයො කියන දේත් එයා පිලිගන්නෙ නෑ."
"ඒත් ජෝජ්ව මේ ගමනට
එකතු කරගන්න එකම හේතුව වුනේ එයාගෙ තාත්තා.ජෝජ්ගෙ තාත්තා ත්මයි මගේ පොඩි කාලේ ඉදන්
විශ්වවිද්‍යාලය වෙනකම් මාත් එක්කම හිටිය හොදම යාලුවා.ඒක නිසයි මන් එහෙම තීරනයක්
ගත්තේ." රොබර්ට් කියූ ප්‍රකශය නිසා
මට තවදුරටත් ඉවසා ගත නොහැකි විය.මම වාඩි වී සිටි පුටුවපසකට තල්ලු කර රොබර්ට් සිටි
දෙසට වේගයෙන් ගියෙමි.මෙය දුටු රොබර්ට් එක්වර අසුනෙන් නැගී සිටියේය.මම ඔහු ඉදිරියේ
සිට ගෙන ඔහුගේ දෑස දෙස එක එල්ලේ බැලුවෙමි.ඒවා දිලිසෙමින් රතු වී; ඉවතට පැනීමට උත්සහ කලේය.
"රොබර්ට් මන්
ඔයා කියපු හැම දෙයක්ම අහගෙන හිටියේ.ඒවා දැන් මෙතනට වැඩක් නෑ.අනික ඔයා ඔය හිත්න්
ඉන්න හැටිත් වැරදි.මන් හිතුවෙ ඔයා මීට වඩා බුද්ධිමත් කියලා.බලන කොට ඔයත් අනිත් අය වගේමයි.පේන
දේ විතරයි විශ්වාස කරන්නේ." මම මගේ තරහ
පිට කිරීමට එලෙස වඩා උස් හඩින් කීවෙමි.
රොබර්ට් මද සිනහවක් පා;
"ඔයා වගේ ලාබාල ගගනගාමියෙක් එක්ක මගේ කිසි කතාවක් නෑ.මට
ඕන්නම් ඔයාව අයින් කරන්නත් පුලුවන්.ඒත් ඔයාගෙ තාත්තා මගේ යාලුවා නිසා මන් මේක
අතාරින්නම්." ලෙස ඔහු කාමරයෙන් පිට වීමට දොරටුව දෙසට ගමන් කලේය. "රොබර්ට් ඔයා
වැරදී කියන එක කවදා හරි තේරෙයි.එතකොට ඔයා ගොඩක් පරක්කු වැඩි වෙයි.ඔයා හිතන්නේ ඔය
උපකරණ අන්තිම දශමෙටම නිවැරදී කියලද.?.අනික අපේ දියුනුම දුරේක්ෂ වලින් පේන්නෙත්
විශ්වයේ හැටියට නිකන් සෙන්ටිමීටරයක් වගේ දුරක් විතරයි.අනික අපි වෙනත් ජීවීන්
දැක්කෙ නෑ කියලා අපිට කියන්න පුලුවන්ද ත්වත් ජීවීන් මෙකෙ නෑ කියලා."
''අපට ලගින්ම
තියන හදට යන්නත් අපට තියෙන හොදම යානයටත් මාස ගානක් යනවා.ඉතින් අපි කොහොමද කියන්නේ
ත්වත් ජීවීන් නැහැ කියලා.අපේ මිනිස්සු ඕන තරම් පියාඹන පීරිසි දැකලා තියනවා.ඒත්
ඔයාල කියන්නේ ඒවා සේරම බොරු ඒවා කියලයි.ඒවා බොරු ද ඇත්තද කියලා දැනගන්න අපට කිසිම
විදියක් නා.” මම රොබර්ට්
දෙස හැරී එක හුස්මට කීවෙමි.
මා කියූ දේවල් අසා සිටි ඔහු නොබලාම ඉවත්ට ගමන් කලේය.ඒ
සමග ඔහු කියා සිටියේ; "ඔයා තාම පියාබන පීරිසි විශ්වාස කරනවනම්,ඔයා තාම සුරන්ගනා කතා
වශ්වාස කරන පොඩිදරුවෙක්."යනුවෙනි.
මම තවදුරටත්
කිසිවක් නොපවසා මාගේ කාමරය වෙත ගමන් කලෙමි.මෙලෙස දින කීපයක් ගෙවී ගියේය.රොබර්ට් මා
දෙස ඍජුව බලා කිසිවක් කීවේ නැත.අප කතා කලේ රාජකාරී දේවල් පමණි.ඔහුගේ සිතේ මා ගැන තරහක් ඇතිවී ඇති බව
මම තේරුම් ගතිමි.
එක් දිනක
අප අභයවකාශ මධයස්ථානයේ පිටත් අ සවි කල ඇති විශාල සූර්යය
කෝෂ තහඩුවල සිදු වූ බිදවැටීමක් පිලිසකර කිරීමට මා සමග තවත් අයෙක් ප්‍රධාන වා අගුල
හරහා ඉවතට පැමිනියෙමු.ඇත්තෙන්ම මෙය ඉතා අලන්කාර දසුනකි.අප දැන් අභයවකාශයේම කොටසක් බවට පත්ව ඇත.කිසිදු අපහසුතාවයකින්
තොරව අපි අභයවකාශයේ පා වෙමින් සිටියෙමු.ඒ
මෙහි ගුරුත්වාකර්ෂනයක් නොමැති නිසාය.අපිව
මධයස්ථානයෙන් ගිලිහී නොගියේ අප හා
මධයස්ථානය අතර පවති දිගු මහත
රැහැන් නිසාය. අප මෙහිදී
පැලද සිටියේ චන්ද්‍රගාමීන් පලදින ආකාරයේ ඇදුමකින් නොව ඊට වඩා වෙනස් ආකාරයේ ඇදුමකිනි.එහි
ජෙට් ප්රචාලන උපකරණ පවා තිබුනි.ටික වේලාවකින් අපි අදාල ස්ථානය කරා පැමිණි
පසුව එය සෑදීමට පටන් ගත්තෙමු.මෙසේ අප
සිටින විට අභයවකාශ මධයස්ථානයේ ප්‍රධාන පාලක මැදිරියේ සිට හදිසි
පණිවුඩයක් අප වෙත ආවේය.
"අමතන්න, මේ අxක k 201 අභයවකාශගාමියාද?"
"ඔව් මට ඔබලව ඇහෙනවා"
"ඔයාලා ඉන්න ප්‍රදේශයට හරියටම අන්ශක 6 ක් නැගෙනහිර
පැත්තට වෙන්න අපට සන්ඥාවක් එනවා.ඒක අපට රේඩාර් වලට අහුවුනා.අපි හිතන්නේ ඒක
ඔයාලගෙන් ගිලිහුනු උපකරනයක් කියලා.බලන්න සේරම උපකරන ඔබලා සතුව තියනවද කියලා."
මම සියල්ල පරික්ෂා කර බලුවෙමි.නමුත් සියලු උපකරණ අප සතුව
පැවතුනි.
"අමතන්න මේ ප්‍රධාන පාලක මැදිරිය වෙත..අපි ලග
සියලුම උපකරන තියනවා.ඔබලට හසුවූ සන්ඥාව කුමක් දැයි නිවැරදිව හදුනා ගන්න."
මා එලෙස පවසා නවත අපගේ වැඩෙහි නිරත විය.අපගේ රාජකාරිය
අවසන් වූ පසුව මට පෙර පණිවුඩය සිහි විය.ඔවුන් පැවසූ දිශාව දෙස මාගේ හිස් වස්මේ වූ
දුර දක්නය තුලින් නිරීක්ෂනය කලෙමි.එය සෙවීමට තරමක් අපහසු විය. මම දුටුවේ එය ගෝලාකාර
වස්තුවක් ලෙසයි.නමුත් එය ග්රහකයක් නොව වෙනත් යානාවක කොටසක් ලෙස මම දුටුවෙමි.මම
මාගේ දුරදක්නය උපරිම සීරු මාරු කර එදෙස බැලුවෙමි.නමුත් එහි ගෝලාකාර බව පමනක් දැක
ගත හැකි විය.එය අප මධයස්ථානයේ සිට කිලෝමීටර 7 පමන දුරකින් පවතුනි.ඒ සමගම අපට මධයස්ථානය
වෙත එන ලෙස දැන්වීය.අපි වහාම
මධයස්ථානය වෙතට ගියෙමු. මා මනින්ම අපගේ යන්ත්‍රික විදුලි ඉංජිනේරුවරයා වන ක්‍රිස් මුණ ගැසුනි. මා දුටු සියලු විස්තර
ඔහුට පැවසුවෙමි.ඔහු මා කියූ සියල්ල සටහන් කර ගත් පසු තවත් පලපුරුදු නිලධාරීන්
දෙදෙනෙකු සමග කුඩා යානයට නැගී එදෙසට ගමන් කලෝය. මෙහි හදිසි තත්වයකදී හෝ යමක් පිලිබද
නිරීක්ෂනයට මෙම කුඩා යානා උපයෝගී කර ගනී.ඒවා ජෙට් ප්රචාලනයෙන් ක්‍රියාත්මක
වෙයි.එහි මිනිසුන් තිදෙනෙකුට පහසුවෙන් ගමන් කල හැකිය.
මේ සමග අප
සිටි පරීක්ෂන කුටිය තුලට රොබර්ට් ඇතුලු නිලධාරීන් කීපදෙනෙකු ඇතුලු විය.ඔවුන් විශාල
උපකරණවල තිර වෙතට නෙත් යොමා ගෙන සිටියේ කුඩා යානාවේ සිට ලැබෙන සජීවී දර්ශන
නැරඹීමටය.රොබර්ට් වහාම රේඩියෝ පණිවිඩයක් යවා ක්‍රිස්ගෙන් මෙම හදුනානොගත් වස්තුව
පිලිබද තොරතුරු විමසීය.ඔහු අපට පැවසූ ලෙස මෙය මීටර් 3 පමණ විශ්කම්බ්යකින්
යුත් ගෝලයක් වෙයි.තවද මෙය යානාවක කොටසක් වෙයි.
"එහෙනම් පෘථවි පාලන
මධයස්ථානයට දන්වල අහන්න අපි ඉන්න ප්‍රදෙශයේ චන්ද්‍රිකාවක් හෝ පරණ යානාවක
කොටස් තියනවද කියලා.'' රොබර්ට් එලෙස අණ කලේ
අපගේ ප්‍රධාන නියමු නිලධාරියාටයි.නමුත් ප්‍රතිචාර ලෙස දැන්වූයේ එලෙස කිසිවක් අප
අවට නොතිබෙන බවයි.නමුත් මේ ප්‍රදේශයේ සිට දුර්වල සංඥාවක් ඔවුන් වෙත ලබෙන බව
පැවසීය.ඔවුන් සිතන ලෙස එය පරණ යනාවක කොටසක් විය හැකිය.
"මන් හිතන්නෙ
ඕක ශටල යානයක ඉන්ධන ටැංකියක් වෙන්නැති.ඒක නිසා ඕකෙන් අපට අනතුරක් වෙන්නේ නෑ,ඕක අතෑරලා
දාන්න. ක්‍රිස්" රොබර්ට් ක්‍රිස්ට
අවධාරනයෙන් කීවේය.
නමුත් පැය කීපයකට පසුව ඔවුන් මධයස්ථානය වෙත් පැමිණියේ එම වස්තුවද රැගෙනය.එය
අපේ කුඩා යානාවට විශේෂ කේබල් මගින් සම්බන්ධ කර තිබූ නිසා පහසුවෙන් ඇදගෙන ඒමට හැකි
වී තිබෙයි.එයට මෙහි ගුරුත්වය රහිත බවද වාසියකි.
"මං කිව්වනේ ඕක වැඩක් නෑ කියලා.මොකටද මෙහේට
ගෙනාවෙ."
"ඒත් රොබර්ට් මේක මහ අමුතුයි.මට ඕන මේක ටිකක්
පරීක්ෂා කරලා බලන්න."
"එහෙම නම් කමක් නෑ.හැබැයි කරන දෙයක් ඉක්මනට
කරන්න ඕන.අපට ඔය වැඩ වලට වෙලාවක් නෑ." රොබට්
ක්‍රිස්ට කීවේය.
මමද සිතුවේ එය ශටල යානයක කොටසක් ලෙසයි.ඒත් එහි තිබූ
ගෝලාකාර හැඩය නිසා මට එහි වෙනසක් තිබුණි. ක්‍රිස්
පැමිණ එහි ඇතුලත නිරීක්ෂනය සදහා පිටත් ආවරණය ඉවත් කිරීමට උත්සහ කලත් එය
සාර්ථක වූයේ නැත.නමුත් විනාඩි ගණනකින් පසුව මතුපිට තිබූ රවුම් හැඩති පියනක් විවෘත
කරගැනීමට ඔහුට හැකි විය.මා ඒ තුලට එබී බැලුවේ එහි කුමක් ඇත්දැයි බැලීමටය.නමුත් ඒ
තුලින් මට පෙනුනේ මාගේම ප්‍රතිබිම්බයයි.මම ඒ තුලට විදුලි ආලෝකය යවා තවත් හොදින්
බැලුවෙමීහි තිබුනේ වීදුරුවක් වැනි පරාවර්ථන පෘෂ්ඨයකි.නමුත් ක්‍රිස් තවත් හොදින්
පරීක්ෂා කර බැලීය.
"මොකද්ද ඔය පරණ යකඩ බෝලේ..!ඕක වැඩක් නෑ කියලා
කිව්වනේ මම. මොනවද ඉතින් හොයාගත්තේ ජොජ්..?" රොබර්ට් අප සිටි කුටිය
තුලට ඇතුලු වෙමින් අසුවේය.මා පැකිලීමෙන් යුතුව ඔහු දෙස බලා එයින් කිසිවක් අනාවරණය
නොවූ බව පැවසීය.අප කතා කරන විට ක්‍රිස් සිටියේ පරීක්ෂ්නාගාරයේ කෙලවරය.
"මේ....!රොබර්ට් ඉක්මනට මෙහාට එන්න...!"යැයි
උස් හඩින් කතා කලේ ක්රිස්ය.අප සියලු දෙනා එදෙසට දිව ගියෙමු.
"මේ බලන්න මේ පියන විවෘත කලාම තියෙන වීදුරු
වගේ පෘෂ්ඨය හරිම අමුතුයි.ඒත් මේ වීදුරු හෝ ප්ලාස්ටික් නෙවේ..වෙනත් දෙයක්.මම මේකෙ
එක්ස් කිරණ හා ස්කෑන් යන්ත්‍ර මගින් ගත්
රූපරාමු පරීක්ෂා කලා.මට හිතාගන්නවත් බැරි තrම් මේක
සංකීර්නයි. මං හොයා ගනිපු
විදියට මේක අපි පාවිච්චි කරන ඩ්‍රෝන් යානාවක් වගෙයි.අපි ඒකෙන් කරන්නෙ විවිධ
පින්තූර හෝ වීඩියෝ දර්ශන ගන්න එකනේ.ඒ වගේ තමයි මේකත්.මන් හිතන විදියට මේ සිදුර
ඇතුලෙ තියෙන්නේ කැමරා කාචයක්." යැයි ඔහු අප දෙස බ්ලා පැවසීය.
"මං හිතන්නේ ඕක ඉස්සර කාලේ අත්හදා බලපු
අභයවකාශ දුරේක්ෂයක් වෙන්නැති."ක්‍රිස් පැවසූ ඩෙය තැකීමට නොගෙන රොබර්ට් කීවේය.
"ඒයි ඔයාට පිස්සුද..?,ඔයා කියන්නේ
මේ තාක්ශනය පරණ එකක් කියලද..? නෑ මේක අපි වගේ පෘථවි වාසීන්ට තව අවුරුදු 1000 ගියත් සොයා
ගන්න බැරි තරම් සුපිරි තාක්ෂනයක්.මේකෙ තාක්ෂනය මට තියා පෘථවියේ ඉන්න සුපිරිම විදයාඥයොන්ටවත් තේරුම් ගන්න බෑ.ඉතින් ඔයා
කියන්නේ කොහොමද මේක පරණ තාක්ෂනයක් කියලා.". .ඔහු එලෙස පැවසුවේ රොබර්ට් දෙස ඉතා ඕනෑ
කමින් බලමිනි.
"ඒක යකාගෙ කතාවක්නෙ;අපට තේරුම්
ගන්න බැරි තාක්ෂනයක් කොහොමද තියෙන්නේ..?අනේ මන්ද ක්‍රිස් ඔයාට
වැරදිලා වෙන්නැති."
"හරි ඔයාම ඇවිල්ලා බලන්න මේ රූප රාමු
දිහා.."ක්‍රිස් රූප සටහන් රොබර්ට් අතට දුන්නේය.ඔහු ඒවා ඉතා ඕනෑ කමින් බලමින්
සිටියේය.ටික වේලාවක් ඒවා බැලූ ඔහුගේ මුහුණේ ස්වභාවය වෙනස් විය.මෙය දුටු ක්‍රිස්...,
"රොබර්ට්..;ඔයා විශ්වාස
කලත් නැතත් මං හිතන විදියට අපේ චන්ද්‍රිකා වලින් විතරක් නෙවේ පෘථවිය දිහ බලන් ඉන්නේ.තවත් කවුරුහරි පෘථවිය දිහා බලන් ඉන්නවා වගෙයි.කවුරු අපේ පෘථවිය දිහා බලන් හිටියත් ඒ අය පෘථවි වාසීන් වෙන්න විදියක් නෑ." යනුවෙන්
පැවසූ ඔහු රොබර්ට් දෙස බලුවේ ඔහුගේ උපැස් යුවල පහත් කර ඊට මදක් ඉහලිනි.
ඒ වදන් සමග රොබර්ට්ගේ කම්මුල් දිගේ දහඩිය බිංදු ගලායන බව
මම දුටුවෙමි.ඒ සමග ඔහු හිස හරවා මාගේ මුහුණ දෙස බලා සිටියේh. ඔහුගේ මුහුණින් ප්‍රකාශ
වූයේ...,
No comments:
Post a Comment